Monday, November 28, 2016

යළි හිස ඔසවන බෙදුම්වාදය හා ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන

කොටි ත්‍රස්තවාදයෙහි යුධමය පරාජය ලෝක බල තුළනයෙහි සිදු වූ වෙනස තුළ ඇමෙරිකානු කඳවුරෙහි න්‍යායපත්‍රය අනුව බිහිවන නව ලෝක රටාවෙහිම ප්‍රකාශනයක් බව ජාතික විමුක්ති ව්‍යාපාර විසින් තේරුම් නොගන්නා තාක් ඔවුන් වල්මත් වීම නොවැලැක්විය හැකි ය. ගෝලීකරණ ප්‍රවාහයේ වෙළී ලොව පුරා හමා  යන ලිබරල් රාජ්‍යකරණ රටාවට නොසැළී මුහුණ දිය හැක්කේ තුන් වැනි ලෝකයේ රටවල ජාතික ව්‍යාපාර විසින් සතුරා නිවැරදිව හඳුනා ගැනීමෙනි. එය ඔහු පරාජය කිරීමේ අනිවාර්‍ය්‍ය පූර්‍වාවශ්‍යතාවකි.

No comments:

Post a Comment