කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය: මුහුණු පොතෙන් ඉවත්වීම
කළින් බොහෝ දෙනා විසින් ද දක්වා ඇති පරිදි, විසඳුම මුහුණු පොතින් ඉවත් වීම නොවේ. ඔබතුමා වැන්නන්ට එය උචිත ද නොවේ. ඔබතුමා විසින් ද හොඳින් ම දන්නා පරිදි මුහුණු පොත විවිධ මට්ටමේ පරිශීලකයන්ගේ වේදිකාවකි. එයින් බැස යාම ඔබතුමාගේ මතවාදය විශාල පරිශීලක පිරිසක් වෙත ගෙනයාමට ඇති අවස්ථාවක් මග හැර යාමකි. පෙනී යන පරිදි මෙහි ඇත්තේ තාක්ෂණික ගැටළුවක් පමණි. සන්නිවේදන දුර්‍වලතා මග හරවා ගැනීමට බාධා වන තරම් ඔබ සිතන තරම් ඔබ අබල දුබල වී ද නැත. ඒ මිස අගනා මතවාදයක් එය අවශ්‍යම මොහොතක වඩ වඩාත් වේගවත් කළ යුතුව ඇත. ඉදිරියේ දී පැවැත් වීමට නියමිත ඊනියා ජනමත විචාරණය තවත් ලාම්පු-කළ ගෙඩි සෙල්ලමක් නොවී සිංහල-බෞද්ධ ජනමතය ජයග්‍රහණය කරවීමේ නාමයෙන් වැඩ ඇරඹීමට කාලය එළඹ ඇත.
vimarshi
Monday, November 28, 2016
යළි හිස ඔසවන බෙදුම්වාදය හා ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
කොටි ත්‍රස්තවාදයෙහි යුධමය පරාජය ලෝක බල තුළනයෙහි සිදු වූ වෙනස තුළ ඇමෙරිකානු කඳවුරෙහි න්‍යායපත්‍රය අනුව බිහිවන නව ලෝක රටාවෙහිම ප්‍රකාශනයක් බව ජාතික විමුක්ති ව්‍යාපාර විසින් තේරුම් නොගන්නා තාක් ඔවුන් වල්මත් වීම නොවැලැක්විය හැකි ය. ගෝලීකරණ ප්‍රවාහයේ වෙළී ලොව පුරා හමා යන ලිබරල් රාජ්‍යකරණ රටාවට නොසැළී මුහුණ දිය හැක්කේ තුන් වැනි ලෝකයේ රටවල ජාතික ව්‍යාපාර විසින් සතුරා නිවැරදිව හඳුනා ගැනීමෙනි. එය ඔහු පරාජය කිරීමේ අනිවාර්‍ය්‍ය පූර්‍වාවශ්‍යතාවකි.
Subscribe to:
Comments (Atom)